✨✨ Free Delivery on All Wall Arts ✨✨

Our Privacy Policy

නියමයන් සහ කොන්දේසි

 

මෙම ගිවිසුම TDO Wall Art සහ වෙබ් අඩවිය භාවිතා කරන්නා/පාරිභෝගිකයා අතර වේ. මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් හෝ ඇණවුමක් කිරීමෙන් ඔබ මෙම සියලු කොන්දේසි වලට එකඟ වේ. ඕනෑම අවස්ථාවක මෙම කොන්දේසි වෙනස් කිරීමේ අයිතිය අප සතුවේ.

වර්ණ වෙනස්වීම් පිළිබඳ

  • ඔබ භාවිතා කරන තිරයේ (Monitor) සැකසුම් මත පදනම්ව, සත්‍ය කැන්වසයේ වර්ණ සහ දීප්තිය වෙබ් අඩවියේ දිස්වන ආකාරයට වඩා මඳක් වෙනස් විය හැක.
  • සියලුම නිෂ්පාදන ප්‍රමාණයන් ආසන්න වශයෙන් ලබා දී ඇත.

 

මිල සහ ගෙවීම්

  • අපි මෙහි දක්වා ඇති මිල ගණන් විවිධ හේතූන් මත වෙනස් විය හැක.
  • ඇණවුම කරන මොහොතේ දක්වා ඇති මිල පමණක් අය කෙරේ.
  • ගෙවීම් ක්‍රම (උදා: Bank Deposit, Cash on Delivery)
  • Cash on Delivery පහසුකම ලබාගන්නා විට ඔබගේ ඇණවුමේ මුලු මුදලින් 30%ක් ලබා දී ඇණවුම තහවුරු කල යුතු වේ.
  • මාස 4කින් ගෙවීමේ හැකියාව සහිත Payzy පහසුකම ඇත.

 

ප්‍රවාහණය

  • අපගෙන් ලබාගන්නා සියලුම ඇණවුම් සදහා ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ.
  • නිවැරදි භාරදීමේ ලිපිනය සැපයීම පාරිභෝගිකයාගේ වගකීමකි.
  • භාරදීමේ කාලය ඇස්තමේන්තු වන අතර නිශ්චිත සහතිකයක් නොවේ

 

මුදල් ආපසු ලබාදීම් සහ අවලංගු කිරීම

  • ආපසු මුදල් ලබා දෙන්නේ ප්‍රවාහනයේ සිදුවන හානි සදහා පමණයි.
  • පාරිභෝගිකයින් භාණ්ඩය ලැබී දින 1ක් ඇතුළත හානි පිළිබඳව අපට දැනුම් දිය යුතුය.
  • පාරිභෝගික අවශ්‍යතා අනුව සාදන ලද (Customized) ඇණවුම් දෝෂ සහිත නොවන්නේ නම් ආපසු ගැනීම් හෝ මුදල් ආපසු ලබාදීම් සිදු නොකරේ.